Friday, March 7, 2014

The Croods Movie Free Download


By on 10:21 AM

මේ සඳහා යොදාගත්ත තාක්ෂණය නම් බොහොම මෑත කාලයේ ලොව ජයගතක් වුනත්, කතාව නම් සෑහෙන පරණයි. කොටින්ම කියනව නම් පැන්ජිරියා මහද්වීපය තිබුන යුගයටම දිව යනව.ගුහාවාසීන් ජීවත් වුනේ බොහොම පොඩි ඉඩ කඩක් තුල ඔවුන්ගේ මතයට අනුව අලුත් සියල්ල බයානකයි.ඔවුන්ගේ කිව්වට පවුලේ මූලිකය තමා ඉතින් එහෙම හිතන්නෙ ඒ කිව්වෙ ග්‍රග්,කොටින්ම කියනව නම් මිනිහ අපි හැමෝම බලපු “ගිරිපුර ඇත්තෝ”කාටූන් එකේ “බොරළුගොඩ” වගේමයි. වැඩක් පටන් ගත්තොත් ඇදගෙන නානව.මිනිහටත් නැන්ද අම්ම සෑහෙන ප්‍රශ්නයක්.බලන උදවියට සිනහව ස්ථීරයි.ඊප් නම් හැම වෙලාවෙම වික්‍රමයන් පස්සෙ ලුහුබඳින්නියක්.නමුත් ඉතින් ලේසි නැහැ නොව ගල් යුගයේ වුනත් ඉහල තැන එක්ක හැප්පෙන එක.මේ කෙල්ල දවසක් රෑ පායා ඇති ඉරක් දකිනව. ඉරක් කිව්වට ඇය රැවටෙන්නෙ ගින්දරය.මොකද එළිය විහිදුවන දෙයකට ඇය දන්නෙ ඉර විතරනෙ.එතන ඉදල ඇය අමුතු සත්වයෙක් ඇදින ගන්නව නමින් ඔහු ගයි.මොවුනට වඩා පරිණාමයෙන් ඉහළින් ඉන්න ඉලන්දාරියෙක්.කෙල්ලට ගින්දර ගැන එහෙම කියල දෙනව.නමුත් මිනිහ ඒ එක්කම ලෝක විනාශයක් ගැන කතාවක් කියනව.ඉතින් ඒ රැයෙන් පස්සෙ මෙහෙම ගෙවන ගුහා ජීවිතය අවසාන වෙන්නෙ ගුහාව විශාල ගලක් පෙරලීම හේතුවෙන් විනාශ විම එක්ක. ගයිගේ කතාව සනාත කරමින්.ඒ ලෝක විනාශයේ පෙර ලකුණක්. ඔන්න මේ පවුල ගමන් ආරම්භ කරන්න හදන්නෙ, හදනව කිව්වට යන්නම වෙනව. පොඩි බාහිර පෙළෙබවීමක් නිසා…. දැන් එහෙනම් අමුතු අමුතු සතුන් මැදින් ඇවිද යන ගයිගේ එකතු වීමත් සමග අලුත් වෙන අදහසින් පිඹිදෙන කෲඩ් පවුලේ මුල්ම ලෝක සවාරිය ඔබම මිනිත්තු 98 තුල බලාගන්න. ආ අමතක වුනානෙ පොඩි ආදර සම්බන්ධයක් වගේ එකකුත් පටන් ගන්න ගයි ඉලන්දාරිය හදනව, නමුත් ඉතින් අද කාලෙ වගේ තමා ගල් යුගෙත් උදැල්ල දාන්න අය එමටයි. ඒකටත් වෙන දේ ඔයාලම බලන්න.

කතාව විනෝදාත්මක හා සජීවීකරණ එකක් වුනත් මේකෙත් බොහොම අගේට හොද ආදර්ශයක් දෙනව, ආදර්ශයකට වඩා ඒක සැබෑ ලෝකයෙන් යමක් ගෙනහැර දැක්වීමක් කියන්න පුලුවන්. ඒ තමයි පිය සෙනෙහස. ගල් යුගය වුනත් එහි වෙසනක් නැහැ, තමුන්ට හැගෙන හැකි අයුරෙන් තමන්ගේ පවුල ආරක්ෂා කරන්න ග්‍රග් ගන්න උත්සාහයත් අගය නොකරම බැ....







480p BR-RIP

720p HD BR-RIP

                                     1080p Full HD

Trailers



Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment